Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2018 13:35:29 Hours

කිලිනොච්චි භට පිරිස් සිවිල් වැසියන්ට වගා කිරීමේ කටයුතු සඳහා දිරීමත් කරයි

කිලිනොච්චි තිරුනගර් සහ සිවපුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ වඟා කිරීමේ පුරුද්ද ඇති කිරීමට මෙන්ම ඔවුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවිමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක භට පිරිස් විසින් සිකුරාදා (23) දින ආර්ථිකමය වටිනාකමින් යුත් පැළ 2000 ක් බෙදාදෙන ලදි.

ඒ අනුව සිවපුරම් ප්‍රදේශයේ තෝරාගත් පවුල් 200 ක් සඳහා1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිවපුරම් රාහුලන් පෙරපාසලේ දී කොස් පැළ 800 ක් සහ කුඹුක් පැළ 200 ක් බෙදාදෙනු ලැබීය.

එමෙන්ම, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කොස් පැළ 1000, කෝන් විශේෂයක් වන පළතුරු පැළ (Madhuca Long Folia saplings)150 ක් සහ තවත් පැළ 1000 ක් තිරුනගර් ග්‍රාම නිලධාරි කාර්යාලයේ දී සිවිල් වැසියන් 100 ක් වෙත බෙදාදෙ ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ ආශිර්වාදයෙන් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සාර්ථකවසිදු කරනු ලැබීය.

Running sport media | Jordan Shoes Sale UK