Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th April 2017 14:14:11 Hours

කිලිනොච්චි භට පිරිස් සිවිල් ජනතාව එක්ව අලුත් අවුරුද්ද සමරයි

සියලුම ජාතින් අතර සාමය හා සංහිඳියාව ඇතිකරලිමේ අරමුණින් යුතුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධනගේ මඟපෙන්විම යටතේ සංවිධානය කරන ලද සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවය මුලන්කාවිල් මහජන ක්‍රිඩාංගනයේ දී පවත්වනු ලැබිය.

සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා රැසකින් සමන්විත මෙම අවුරුදු උත්සය සඳහා ප්‍රදේශයේ සිවිල් ජනතාව මෙන්ම ආරක්ෂක හමුදා සමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

අනතුරුව, 65 වන සේනාංකය මගින් සිංහල සහ දමිළ ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් දැවැන්ත සංගිත ප්‍රසංගයක් මෙන්ම ගිණිකෙළි සංදර්ශණයක් ද සංවිධානය කළ අතර මේ සඳහා විශාල ජනතාවක් එක්ව සිටියහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආරාධනයෙන් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු අතර පැවති තරඟ ඉසව්වන් හී ජයග්‍රාහකයන් වෙත ත්‍යග ප්‍රදානය ද එතුමා සහ අනෙකුත් ආරාධිතයන් අතින් සිදු කෙරිණි.

සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්, රජයේ නිලධාරින්, සෙසුනිලයින් සහ කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් ජනතාව මෙම අවස්ථාව සඳහා සහභාගි වු අතර, 65 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් මෙන්ම මුලන්කාවිල් පොලිස් ස්ථානය සහ විනයාගර් ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් ද මෙම අවස්ථාව සාර්ථක කරගැනිමට දායක විය.

මේ අතර, පුනරීන් ප්‍රදේශයේ පිහිටි 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සම්ප්‍රදායික ජන ක්‍රීඩා සහ විනෝද ක්‍රීඩා ඇතුලත් අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලද අතර, උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස 662 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොහාන් පොන්නම්පෙරුම සහභාගි විය.

මෙම උත්සවය සඳහා පෙර පාසල් ළමුන් 120 ක් සහ ප්‍රථමික පාසල් සිසුන් 80 ක් ඇතුළුව 300 කට අධික ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියහ.

එමෙන්ම 663 බලසේනාව යටතේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් නේස්ලේ ලංකා ආයතනයේ අනුග්‍රහය ඇතිව වන්නේරිකුලම් ක්‍රිඩාංගනයේ දී සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරනු ලැබුහ.

url clone | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers