Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd August 2019 12:02:23 Hours

කිලිනොච්චි භටපිරිස් තවත් දේශනයකට සවන්දෙයි

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ සාමාජිකයින් වෙනුවෙන් ‘මානසික ආතතිය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (21) දින නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී, ‘මානසික ආතතිය හඳුනා ගැනීම සහ එය අඩු කිරීම’ යන මාතෘකාව පිළිබඳ හරවත් දේශනයක් කර්නල් ආර්.එම්.එම් මොණරාගල විසින් සිදුකරන ලදී. එමෙන්ම, බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන විසින් ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ට ‘දුම් මගින් පිළිකා ඇතිකිරීම’ පිළිබඳ සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් ඒ.සී.කේ උඩුගම විසින් ‘හොඳ ආහාර පුරුදු’ පිළිබඳ හරවත් දේශන පවත්වනු ලැබීය.

මෙම දේශනය සඳහා නිලධාරින් 50 ක් සහ සෙසු නිලයින් 450 ක් සහභාගි වූහ. Asics footwear | adidas Yeezy Boost 700 , Ietp