Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th December 2017 09:32:17 Hours

කිලිනොච්චි පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමක්

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තුනුක්කුායි ප්‍රදේශයේ පිහිටි තේනියන්කුලම් රජයේ දමිළ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් බ්‍රහස්පතින්දා (07) දින සංවිධානය කරනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රදේශයේ නිල් විරසිංහ මහතා විසින් මෙම පාසල් උපකරණ තොගය පරිත්‍යාග කළහ.

මෙහිදි තුනුක්කායි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 91 දෙනෙකු වෙනුවෙන් රුපියල් 250,000.00 ක වටිනාකමින් යුතු අභ්‍යාස පොත්, පාසල් බෑග්, සපත්තු සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

පාසලේ ප්‍රධාන ශාලාවේ පැවති කෙටි උත්සවයක දී පාසල් සිසුන් වෙත පාසල් උපකාරණ බෙදාදුන් අතර, එම පාසලේ ගොඩනැගිල්ලේ අලුත්වැඩියාව සඳහා රුපියල් 100,000.00 ක මුදලක් ද පාසල් උපකරණ පරිත්‍යාග කළ නිල් වීරසිංහ මහතා විසින් මෙහිදි පරිත්‍යාග කළහ.

65 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරියකු සහ සෙසුනිලයින් 30 දෙනෙකු පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රාමදායකත්වය ලබාදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන, නිල් විරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පාසලේ විදුහල්පති, ගුරුවන් සහ දෙමාපියන් රැසක් ද එක්ව සිටියහ.

spy offers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov