Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 08:04:23 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය බලප්‍රදේශයේ වගකීම් පිළිබඳ සොයාබලයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණරත්න සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ජනවාරි මස 7 සහ 8 දිනයන්හි පූනරීන් ප්‍රදේශයේ පිහිටි 66 වන සේනාංක මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක් සිදුකරන ලදී.

පළමු දිනයේ, 66 වන සේනාංක මුලස්ථානය වෙත සපැමිණි කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණරත්න වෙත ප්‍රධාන දොරටුව අභියසදී පිරිනමනු ලැබූ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යාමෙන් අනතුරුව 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මංගල විජේසුන්දර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් ප්‍රධාන ශාලාවේදී එම සේනාංකයේ භටපිරිස් ඇමතීය.

පසුව, 66 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මෙහෙයුම් හා පරිපාලනමය කරුණු පිළිබඳව බලසේනාධිපතිවරුන් සහ සියලුම ඒකකය අණදෙන නිලධාරීන් ඉදිරියේ ආඥාපතිතුමන්ට විස්තර කළේය.

එදින සන්ධ්‍යාවේ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 663 වන බලසේනාවට පැමිණ භටපිරිස් ඇමතීමට ප්‍රථම, 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු භූමි ප්‍රදේශයේ සංචාරය කර ඒ පිළිබඳ දැනුවත් විය.

පසුදින (08), එතුමන් සන්ගුපිඩ්ඩි ජැටියේ පිහිටි 661 වන බලසේනාව, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ එම බලප්‍රදේශයේ සංචාරය කළහ. 24 වන විජයබාහු රෙජිමේන්තුවේ භටපිරිස් ඇමතීමෙන් අනතුරුව එතුමන් අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරතවිය. ඉන් අනතුරුව, ආඥාපතිතුමන් 5 වන (ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සහ එම බලප්‍රදේශයේ සංචාරය කළහ. Running Sneakers | Nike Dunk - Collection - Sb-roscoff