Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2020 08:20:00 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මඟපෙන්වීමෙන් වෙසක් පොහෝ දින කිලිනොච්චි වැසියන් හට එළවළු බෙදාදෙයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවය කරනු ලබන භට පිරිස් විසින් පෞද්ගලික පරිත්‍යාගශීලියෙකු ලබාදුන් එළවළු කිලෝග්‍රෑම් 2400 ක තොගයක් කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් අතරේ ප්‍රවාහනය කර බෙදා හැරීමට කටයුතු කළේය.

පවතින ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් විවිධ ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ පා ඇති පොන්නගර්, විසුවමඩු බටහිර සහ කල්ලාරු යන ප්‍රදේශයන්හී සිවිල් වැසියන් වෙනුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (07) දින මෙම එළවළු තොගය බෙදාදුන්නේය. එළවළු තොගය ලබාගැනීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්නගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වන සේනක සෙනෙවිරත්න මහතා විසින් අනුග්‍රහය දක්වන ලද්දේය.

උතුම් වෙසක් දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ගුණරත්නගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරනු ලැබුණු අතර, මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථකව සිදු කරගැනීම සඳහා 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයන් සහයෝගය දැක්වූහ. buy footwear | シューズ