Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2017 10:57:42 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් හී සම්බන්ධීකරණයෙන් පරමානකිරේයි රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසුන් වෙත පාසල් උපකරණ

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 15 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් ‘Soft Logic Life’ පදනමේන් කරන ලද ඉල්ලීමකට අනුව එම ආයතනයේ දායකත්වයෙන් සිකුරාදා (02) දින පුනරීන්, පරමානකිරේයි රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසුන් 44 දෙනෙකු සඳහා රුපියල් 175,000/= ක වටිනාකමින් යුත් අධ්‍යාපන උපාංග සහ පාසල් බෑග් තොගයක් බෙදා දෙනු ලැබීය.

‘Soft Logic Life’ පදනමේ සහකාර සමාන්‍ය අධිකාරි සුනිල් අතපත්තු මහතා සහ එහි සාමාජිකයින් මෙම ත්‍යාග ප්‍රදානය සඳහා එක්ව සිටි අතර, පරමානකිරේයි රජයේ දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පති කේ.නදීශාන් මහතා, යුද්ධ හමුදා නිලධාරින්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

latest Running | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD