Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2017 08:00:58 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා භට පිරිස් විසින් ඇල මාර්ග ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් සඳහා සහය දක්වයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් තුනුක්කායි ප්‍රදේශයේ ගොවි ප්‍රජාව සමග එක්ව තෙනියන්කුලම් වැවේ ජලය ගමන් ගන්නා ඇල මාර්ග ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක නිරත විය.

ප්‍රදේශයේ පවුල් 200 ක් පමණ තම මුලික අවශ්‍යතා මෙන්ම කුඹුරු වගාව සඳහා මෙම වැවෙන් ජලය ලබා ගන්නා අතර, මෙමගින් අක්කර 700 ක පමණ ඉඩම් සඳහා ජලය ලබා ගනි. මෙම වැවේන් පටන් ගන්නා ප්‍රධාන ඇල මාර්ග දෙක පිළිවෙලින් කිලෝමීටර 6.5 ක් සහ 5.5 ක් පමණ දිගකින් යුක්ත වේ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් විරවර්ධන ගේ මඟපෙන්විම යටතේ එම සේනාංකයට අයත් 1000 ක් පමණ වු භට පිරිස් ප්‍රදේශයේ 200 කට වැඩි සිවිල් ජනතාව සමඟ එක්ව මෙම ශ්‍රමදාන වැඩසටහන පවත්වනු ලැබීය.

ප්‍රදේශයේ ජනතාව සහ යුද්ධ හමුදාව අතර සංහිඳියාව ඇතිකරලිමේ අරමුණින් පැවති මෙම වැඩසටහන සඳහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි විය.

Adidas footwear | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals