Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th January 2017 13:39:02 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙසේ සහ සේනාංකයන්හි සංචාරයක

නික්ම යන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ජනවාරි 03 සිට 09 දක්වා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක සහ ඉදිරිනඩත්තු පෙදෙසේ සංචාරය කරන ලදි.

ඒ අනුව අඟහරුවාදා (03) දින කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙ, බදාදා (04) දින 65 වන සේනාංකයේ සහ සඳුදා (09) දින 57 වන සේනාංකයේ සහ 66 වන සේනාංකයේ සංචාරය කළ අතර එහිදි එහි සේවයේ නියුතු භට පිරිස් ද හමුවිය.

එම ස්ථානවල දී කිලිනොච්චි ආඥාපති වෙත කඳවුරු සම්මාන මුරයන් ද පිරිනමනු ලැබීය. තවද, එහිදි කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙ ආඥාපති සහ එම සේනාංකවල සේනාංකාධිපතිවරුන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ආඥාපතිතුමා පිළිගන්නා ලදි.

කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙ සහ එම සේනාංකවල භට පිරිස් ඇමතීම ද ආඥාපතිතුමා විසින් සිදු කළ අතර, භට පිරිස් විසින් සිදු කරනු ලැබු සේවාවන් අගය කරමින් ඉදිරියේ දීත් තම රාජකාරීන් මැනවින් ඉටුකරන ලෙස ත් එහිදි පවසා සිටියහ.

එමෙන්ම, මෙම ස්ථානවලදී එම අවස්ථාවන් සිහිගන්වමින් පැළ රෝපණය කළ අතරම, විශේෂ අමුත්තන් සඳහා වූ පොත්හි අත්සන් තැබීමට ද අමතක නොකළහ. තවද, කිලිනොච්චි ආඥාපති වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද එහිදි සිදු කරනු ලැබීය.

කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් එච්.ඩි.ඩබ්. කාරියවසම්, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ඒ.එස්. වීරවර්ධන, 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජි.ජේ.ඒ.ඩබ්. ගලගමගේ සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩි.සි. කැප්පෙටිවලාන ද පිළිවෙලින් ආඥාපතිවරයා පිලිගන්නා ලදි.

මීට අමතරව, අඟහරුවාදා (10) කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවති තවත් වැඩසටහනක දී ආඥාපතිතුමා විසින් භට පිරිස් ඇමතීම සිදු කෙරිනි.

නුඳුරේ දී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස රාජකාරි භාරගැනීමට නියමිතය.

Sportswear Design | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ