Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2019 20:40:21 Hours

කිලිනොච්චියේදී තවත් ප්‍රජා ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුලන්කාවිල් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය සහ කාරියලන්ගපඩ්ඩුවාන් අන්තෝනියා දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් සඳහා අගෝස්තු මස 28 දින සිට 31 වන දින දක්වා සහයෝගය ලබාදෙන ලදි.

එමෙන්ම, 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන (ස්වේච්ඡා) විජබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ස්කන්දපුරම් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් අගෝස්තු මස 31 වන දින දියත් කරන ලදි.

මෙම ශ්‍රමදාන වැඩසටහන සාර්ථකව සිදුකිරිම සඳහා යුද්ධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 32 ක් සමඟින් සිවිල් වැසියන් 16 ක් සහභාගි වුහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සංවිධානය කරනු ලැබීය. Authentic Sneakers | adidas Campus 80s South Park Towelie - GZ9177