Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2017 09:02:50 Hours

කිලිනොච්ච් ආඥාපති 663 බලසේනාවේ සහ එකක දෙකක සියලු නිලයින් හමුවේ

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සඳුදා (27) දින 663 බලසේනාවේ සංචාරයක නිරත වු අතර, එම මුලස්ථාන පරිශ්‍රයෙදී භට පිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදානුකුලව ආඥාපතිතුමන්ව පිළිගන්නා ලදි.

එහි පැමිණි ආඥාපතිතුමා පිළිගැනීම 66 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 663 බලසේනාවේ බලසේනාධිපති විසින් ආඥාපතිතුමා පිළිගත් අතර, භට පිරිස් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් කිලිනොච්චි ආඥාපති වෙත පිරනමනු ලැබීය.

එහිදි බලසේනාධිපති විසින් අදාල බලප්‍රදේශයේ වගකිම් හා කාර්ය භාර්යයන් පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කළ අතර, මෙම සංචාර සිහිවනු වස් මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපනය කළහ.

එමෙන්ම ආඥාපතිතුමා, 2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 5 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සංචාරය කරන ලදි.

එම සංචාරයන් තුල දී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන වෙන් වෙන් වශයෙන් භට පිරිස් ඇමතු අතර, විනය ඉහළ මට්ටමක පවත්වාගෙන යමින් තම රාජකාරීන් කැපවීමෙන් ඉටු කළ යුතු බව අවධාරණය කළහ.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

Best Sneakers | Releases Nike Shoes