Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2018 13:33:43 Hours

කැරලි මර්ධනය පිළිබඳ නැගෙනහිර භට පිරිස් දැනුවත් කෙරේ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලකා භට පිරිස් සඳහා පුනානි බලඇණි පුහුණු පාසලේ පවත්වනු ලබන බලඇණි පුහුණු පාඨමාලාවේ අවසන් ඉදිරිපත්කිරීම වශයෙන් ‘1971 කැරැල්ල’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් සඳුදා (26) දින පැවති අතර ඒ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ද එක්ව සිටියහ.

4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සුරාජ් ගමගේ විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනිමෙන් අනතුරුව අවසන් ඉදිරිපත් කිරීම ආරම්භ විය.

මෙම පුහුණු වැඩසටහන සඳහා නිලධාරීන් 11 ක් සහ සෙසු නිලයින් 222 ක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 233 ක් සහභාගි වූහ.

මේ අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චූලා අබේනායක, 231 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සෙනරත් නිවුන්හැල්ල, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්විය.

Sneakers Store | adidas NMD Human Race