Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2016 16:14:29 Hours

කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් යාපනය ආඥාපති හමුවේ

කැනඩා රජයේ පුද්ගලික සභා කාර්යාලයේ තක්සේරු ලේකම් අංශයේ විශ්ලේශකයෙකු වන ජවාඩ් කුරේෂි මහතා, ජෂුවා මැක්ලර්න් මහතා සහ ජෙනිෆර් හාර්ට් ඇතුළු පිරිස සඳුදා (07) දින යාපනය ආරක්ෂක සේනා ආඥාපති හමුවිය.

එහිදී එම රාජ්‍ය තාන්ත්‍රික පිරිස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති යාපනය අර්ධද්වීපයේ වර්ථමාන තත්වය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනු ලැබීය.

සංචාරය සිහිගන්වමින් ජවාඩ් කුරේෂි මහතා විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි අත්සන් තබනු ලැබීය.

bridge media | FASHION NEWS