Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2017 01:08:23 Hours

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදා මළල ක්‍රීඩා උත්සවය ඇරඹේ

54 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය - 2017’ මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් හෝමාගම, දියගම ක්‍රීඩාංගනයේ දී අද (03) දින උදෑසන නිල වශයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් රෝහණ බණ්ඩාර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු අතර, මළල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා එම අවස්ථාවේ දී සාදරයෙන් පිළිගනු ලැබීය.

ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලියන් හිදී විශීෂ්ඨ දස්කම් පා රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමි කරගනීමින් දේශයට අභීමානයක් අත්කරදුන් යුද්ධ හමුදාවෙන් බිහිවු කීර්තිමත් මළල ක්‍රීඩකයින් 20 කට වැඩි පිරිසක් ශ්‍රි ලාංකීය තවත් මළල ක්‍රීඩකයින් පිරිසක් ද සමගින් මෙවර යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය නැරඹීමට පැමිණ සිටියහ.

හෝමාගම දී පැවැත්වෙන මෙම තෙදින මළල ක්‍රීඩා තරඟාවලියේ දී යුද්ධ හමුදාවේ සියළු රෙජිමේන්තු නියෝජනය කරමින් තරුණ සහ අත්දැකිම් බහුල ක්‍රීඩක / ක්‍රීඩිකාවන් 1500 කට වැඩි පිරිසක් මෙවර ජවන හා පිටිය ඉසව්වන් හිදී තම දක්ෂතාවයන් එලිදැක්වීමේ අභීප්‍රායෙන් සිටි.

1950 දී යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව ආරම්භයත් සමඟම ලුතිනන් ඩන්කන් වයිට් (Lieutenant Duncan White) විසින් ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් පදක්කම හිමිකර දුන් අතර, ජාත්‍යාන්තර මළල ක්‍රීඩා තරඟාවලි, ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා තරඟාවලි, අසියානු ක්‍රීඩා උළෙල, දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලිය, ලෝක ආරක්ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියන් හිදී ජයග්‍රහණයන් ලබා රන් පදක්කම්, රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් රැසක් වාර්තාගත ලෙස හිමි කරදීමට යුද්ධ හමුදාව සමත් වී ඇත අතර, ශ්‍රී ලංකාවේ කිසිදු ආයතනයක් තනිව මෙවන් දක්ෂතාවයක් පෙන්වා නොමැත.

යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අරුණ සුදසිංහ, යුද්ධ හමුදා මළල ක්‍රීඩා සංගමයේ ලේකම් බ්‍රිගේඩියර් චන්දන රණවීර සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා මළල ක්‍රීඩා සංගමයේ සාමාජිකයින් මෙම සමාරම්භක උළෙලට සහභාගි වුහ.

මෙහිදි, පහත තරඟකරුවන් විසින් යුද්ධ හමුදා මළල ක්‍රීඩා උළලේ පළමු දිනයේ දී නව තරඟ වාර්තා හතරක් යුද්ධ හමුදා මළල ක්‍රීඩා වාර්තා අතරට එක් කළහ.

කෝප්‍රල් ඩි.ඒ.ජි.ජේ.පි. විමලසිරි - දුර පැනීමේ පිරිමි ඉසව්ව - මිටර් 8.13

සාමාන්‍ය සෙබළ ඩි.එස්. රණසිංහ - හෙල්ල විසිකිරිමේ පිරිමි ඉසව්ව - මිටර් 78.7

කාන්තා සෙබළ මධුෂානි - මිටර් 400 කඩුලු පැන දිවිමේ ඉසව්ව - මිනිත්තු 1.01.19

කාන්තා සෙබළ කේ.කේ.කුමාරි - මිටර් 10000 කාන්තා ඉසව්ව - මිනිත්තු 37.35.2

trace affiliate link | Nike Shoes