Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2020 22:03:43 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුවේ නව බලසේනාධිපතිතුමන් රාජකාරි අරඹයි

ගනේමුල්ල ප්‍රදේශයේ ස්ථානගත කමාන්ඩෝ බලසේනා මූලස්ථානයේ 15 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් පී.ජී.ජී.එස්. රත්නායක ඉකුත් සඳුදා (06) දින රාජකාරි ආරම්භ කරනු ලැබීය. බලසේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් රත්නායක සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

මෙම අවස්ථාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ. trace affiliate link | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ