Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2016 09:50:26 Hours

කමාන්ඩෝ චැලේන්ජ - 2016 දී යුද හමුදා ධාවකයින්ගෙන් විශේෂ දක්ෂතා

යුද හමුදා මෝටර් රථ සහ යතුරු පැදි ධාවකයින් සඳහා මෑතකදී පවත්වනු ලැබූ කමාන්ඩෝ චැලේන්ජ් - 2016 විවෘත අංශ ඛාණ්ඩ කිහිපයක් යටතේ පවත්වනු ලැබූ අතර, එහිදී යුද හමුදා ධාවකයින් සිය විශේෂ දක්ෂතා පිළිබිඹු කරනු ලැබීය.

දින තුනක් පුරා පැවති මෙම තරඟාවලිය මහනුවරින් ආරම්භ වී කිලෝ මීටර් 566 ක් දුර ගෙවා කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලෙන් නිමාවට පත් විය. මේ අතර අභියෝගතා ඉසව් කමාන්ඩෝ පුහුණු පාසලේ පිහිටි කිලෝ මීටර් 1.68 කින් යුත් විශේෂ ධාවන පථයේ දී පවත්වන ලදී.

මෙහිදී මෝටර් රථ ධාවන තරග 10 ක් සහ මොටර් බයිසිකල් ධාවන තරග 12 ක් පවත්වනු ලැබීය. එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 100 කට අධික පිරිසක් සහභාගි වූ අතර, මෝටර් රථ සහ යුතුරු පැදි ධාවන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් රැසක් ද මෙම අවස්ථාව සඳහා එක් විය.

කමාන්ඩෝ රෙජිමේන්තුව විසින් ශ්‍රී ලංකා රේසින් මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සමඟ එක්ව කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි සුබසාධක අරමුදල උදෙසා පවත්වනු ලැබූ එම තරගාවලිය සඳහා සියැට් ආයතනය අනුග්‍රහය දක්වනු ලැබීය.

කමාන්ඩෝ චැලේන්ජ - 2016 හි යුද හමුද ක්‍රීඩකයින්ගේ ජයග්‍රහන විස්තර පහතින් දැක්වේ

සමූහ ට්‍රක් රථ සහ ජිප් රථ විවෘත තරගය

කර්නල් පී.ඒ.අයි.එම්.බී සමරකෝන් - දෙවන ස්ථානය

රේසිං 125cc - ආරක්ෂක සේවා තරගය

කෝප්‍රල් එම්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - ප්‍රථම ස්ථානය

සංඥා සෙබල ඩබ්ලිව්.කේ සිල්වා - ශ්‍රී ලංකා සංඥා බලකාය - දෙවන ස්ථානය

ලාන්ස් කෝප්‍රල් පී.එම්.ජේ සිගේරා - ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය - තෙවන ස්ථානය

රේසිං 125cc- ජාතික තරගය

කෝප්‍රල් එම්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - ප්‍රථම ස්ථානය

ලාන්ස් කෝප්‍රල් පී.එම්.ජේ සිගේරා - ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය - දෙවන ස්ථානය

සාමාන්‍ය සෙබල ටී.කේ.ආර්.එන් කුමාර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව - තෙවන ස්ථානය

STD 125cc - විවෘත අංශය

කෝප්‍රල් පී.එන් විජේත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - ප්‍රථම ස්ථානය

ලාන්ස් කෝප්‍රල් ජී.කේ.ජී.එන් පුෂ්ප කුමාර - කමාන්ඩෝ රෙජිමේන්තුව - තෙවන ස්ථානය

STD 250cc - විවෘත අංශය

ධාවන තරගය - 1

සාමාන්‍ය සෙබල ඒ.ඩබ්ලිව්.එල්.ජේ කුමාරසිංහ - තෙවන ස්ථානය

ධාවන තරගය - 2

සාමාන්‍ය සෙබල ඒ.ඩබ්.එල්.ජේ කුමාරසිංහ - තෙවන ස්ථානය

STD 250cc – ජාතික ශූරතා තරග

ධාවන තරගය - 1

කෝප්‍රල් එම්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය

ධාවන තරගය - 1

කෝප්‍රල් එම්.එම්.ජේ.එස් ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය

Sports Shoes | Sneakers Nike