Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st May 2018 14:39:09 Hours

කඳුබොඩ භාවනා මධ්‍යස්ථානය මගින් තවත් භාවනා වැඩසටහනක්

සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් සිකුරාදා (27) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 05 ක් සහ සෙසු නිලයින් 80 ක් සහභාගි වූහ.

මෙම භාවනා වැඩසටහන පුජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේ විසින් මෙහෙයවන ලදී.

එමෙන්ම, බ්‍රහස්පතින්දා (03) දින වෙසක් උත්සවයට සමගාමීව තවත් භාවනා වැඩසටහනක් යුද්ධ හමුදාවේ සහ නාවික හමුදාවේ සාමාජිකයින් 70 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.

best shoes | Women's Designer Sneakers - Luxury Shopping