Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2018 15:15:01 Hours

කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ දී තවත් භාවනා වැඩසටහනක්

සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බදාදා (28) දින කඳුබොඩ, බවුන්සෙත් මානසික සුව සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 03 ක් සහ සෙසු නිලයින් 54 ක් (කාන්තා සෙබලියන් ඇතුළු) මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 03 ක් සහ සෙසු නිලයින් 17 ක් සහභාගි වූහ.

තවත් මෙවැනිම භාවනා වැඩසටහනක් බ්‍රහස්පතින්දා (05) දින මෙම භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත් වූ අතර ඒ සඳහා යුද්ධ හමුදා සහ නාවික හමුදා සාමාජිකයින් 88 ක් සහභාගි වූහ.

bridgemedia | Nike Shoes, Clothing & Accessories