Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2019 15:23:10 Hours

කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික පූජකවරුන් සර්ව ආගමික වතාවත් සිදුකරමින් නව යුද්ධ හමුදා මූලස්ථානයට ආශිර්වාද එක් කරයි

ශ්‍රී ජයවර්ධනපුර අභිනවයෙන් ඉදිකරන ලද යුද්ධ හමුදා මූලස්ථානය චාරිත්‍රානුකූලව විවෘත කිරීමෙන් අනතුරුව සෙනසුරාදා (09) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ ප්‍රධාන ආගම් හතරක ආගමික වතාවත් සිදුකරමින් නව යුද්ධ හමුදා මූලස්ථානයට ආශිර්වාද එක් කරන ලදී.

සර්ව රාත්‍රික ‘පිරිත්’ සජ්ඣායනාව අවසානයේ මහා සංඝරත්නය විශයෙහිලා හිල් දානය පිළිගැන්වීමෙන් අනතුරුව රට තුළ පවතින සර්ව ආගමික විශ්වාසයන් සහ සංහිඳියාව පිළිබඳ යුද්ධ හමුදාව දක්වන ප්‍රමුඛත්වය, ගෞරවය සහ වැදගත්කම සංකේතවත් කරමින් කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික වතාවත් පිළිවෙලින් සිදුකරන ලදී. යුද්ධ හමුදා කතෝලික, මුස්ලිම් සහ හින්දු සංගම්වල සම්බන්ධිකරණයෙන් සංවිධානය කරන ලද මෙම සර්ව ආගමික වතාවත් සඳහා කතෝලික, මුස්ලිම් සහ හින්දු ආගම් අදහන යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

ප්‍රතිසන්ධානය, ආගමික හා ජනවාර්ගික සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යුද්ධ හමුදාවේ කැපවීම පිළිබිඹු කරමින් සෙනසුරාදා (9) දින සර්ව ආගමික වතාවත් පැවැත්වූ අතර කතෝලික පූජකවරුන්, මුස්ලිම් මවුලවිතුමන්ලා සහ හින්දු පූජකවරුන් නව යුද්ධ හමුදා මූලස්ථානයට ආශිර්වාද එක් කරමින් පැය කිහිපයක් පූරා සර්ව ආගමික වතාවත් සිදු කරන ලදී.

මෙම සර්ව ආගමික වතාවත් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ යුද්ධ හමුදාධිපතිතුමන් සර්ව ආගමික වතාවත් සිදුකළ කතෝලික පූජකවරුන්, මුස්ලිම් මවුලවිතුමන්ලා සහ හින්දු පූජකවරුන්ට ත්‍යාග ද පිරිනැමීය.

මෙම සර්ව ආගමික වතාවත් සඳහා යුද්ධ හමුදා ආගමික සංගම්වල සභාපතිවරුන් සහ අනෙකුත් සාමාජිකයින් සහභාගි වූහ. spy offers | nike air jordan lebron 11 blue eyes black people