Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2016 17:16:11 Hours

කණිශ්ඨ නිළධාරීන් 21 දෙනෙකු සදහා මාණ්ඩලික රාජකාරී පුහුණු වැඩමුළුවක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති බලඇණිවල රාජකාරී නියුතු කණිශ්ඨ නිළධාරීන් සදහා දින හතරක් මුළුල්ලේ පවත්වනු ලැබූ මාණ්ඩලික රාජකාරී පුහුණු වැඩමුළුව බ්‍ර‍ස්පතින්දා (31) දින නිමා විය. මෙහෙයුම් මාණ්ඩලික රාජකාරී සහ සේවා ලේඛන කටයුතු පිළිබදව පුහුණුවක් ලබා දෙනු ලැබූ මෙම වැඩසටහන දෙසැම්බර් මස 28 වන දින ආරම්භ වූ අතර, ඒ සදහා නිළධාරීන් 21 දෙනෙකු සහභාගි වූහ. මෙහි සහතිකපත් ප්‍ර‍ධානෝත්සවයෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජී.ඩබ්ලිව්.ඩී.කේ ජයතිලක සහභාගි විය. එම පුහුණු වැඩමුළුවෙහි අවසන් අවස්ථාව සදහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ නිළධාරීන් සහභාගි වූහ.Sportswear Design | Women's Nike Superrep