Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st November 2016 13:10:55 Hours

කඨින පිංකම සඳහා යුද හමුදා භට පිරිස්හි සහාය

මාන්කුලම් ශ්‍රී සුගත විහාරයේ වාර්ෂික කඨින පිංකම පැවැත්විම සදහා කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිය සහයෝගය දක්වන ලදි.

මෙම කඨීන පිංකමේ ආගමික වත්පිලිවෙත් ශ්‍රී සුගත විහාරයේ විහාරාධිපති පූජ්‍ය හිඟුරන්කන්දේ සුමන ස්වාමින් වහන්සේ විසින් සිදු කෙරිනි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සමඟින් 57 වන සේනාංකයේ බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, 574 බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දන සෝමවීර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

විහාරස්ථාන පරිශ්‍රයේ 574 බලසේනා භට පිරිස් විසින් සිකුරාදා (28) දින බෝධි පූජා පිංකමක් පවත්වා කඨින පිංකමේ ආගමික වැඩසටහන් මාලාව ආරම්භ කරන ලදි. නේවාසික භික්ෂුවක් වෙත පූජා කිරීම සඳහා මෙම කඨින චීවරය අලංකාර පෙරහැරකින් විහාරස්ථානය වෙත රැගෙන ආ අතර, පසුදා උදෑසන වන තෙක් බැතිමතුන් සඳහා නමස්කාර කිරීමට අවස්ථාව හිමිවේ.

මෙහි නාගදීප පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මයිලගස්වැව ආරියකිත්ති ස්වාමින් වහන්සේ ඇතුලු අනෙකුත් භික්ෂුන් වහන්සේලා මෙම කඨීන පිංකම සඳහා සහභාගි වූහ.

තවද, පූජ්‍ය මයිලගස්වැව ආරියකිත්ති ස්වාමින් වහන්සේ විසින් කඨීන පිංකමේ අනුසස් විස්තර කළ අතර, කඨීන පිංකමකට සහභාගිවිමේ වැදගත්කම සහ වටිනාකම පැහැදිලි කරන ලදි.

ඉන් අනතුරුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ප්‍රමුඛ බැතිමතුන් විසින් මෙම ‘කඨින චිවරය’ මහා සංඝරත්නය වෙත පූජා කරන ලදි. ඒ අනුව මේ මහා පුණ්‍ය කටයුත්ත සඳහා සහභාගි වූ මහා සංඝරත්නය වෙත සාංඝික දානය ද පිරිනමන ලදි.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම කඨීන පිංකම සඳහා සහභාගි වූහ.

Running sport media | Autres