Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2019 21:21:58 Hours

ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් යාපනය ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් ගරු ඩේවිඩ් හෝලී (HE David Holly) උතුරේ සිදුකළ සංචාරයක් අතරතුර ඉකුත් බදාදා (07) දින යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය හමුවිය.

එතුමන්ගේ නියෝජිත පිරිසට සංවර්ධන සහයෝගීතාවයේ දෙවන ලේකම් ඩැනියෙල් කැෂෙන් මහත්මිය (Ms Danielle Cashen) සහ පර්යේෂණ හා තොරතුරු නිලධාරි ජෙහානාරා මොහදීන් මහත්මිය (Ms Jehannara Mohideen) ද ඇතුළත් විය.

මෙම සුහද හමුව අතරතුරදී, මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් යාපනයේ ආරක්‍ෂක හමුදාවන්ගේ වර්තමාන කාර්යභාරය සහ වගකීම් මෙන්ම ප්‍රතිසන්ධානය හා ජනවාර්ගික සමගිය ප්‍රවර්ධනය කිරීමට අදාළව ක්‍රියාත්මක කරමින් පවතින ව්‍යාපෘති පිළිබඳව පුළුල් විස්තරයක් ඉදිරිපත් කරන ලදී. Sport media | UOMO, SCARPE