Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2018 19:27:22 Hours

ඕඩ්ඩුසුඩාන් හිදි 64 වන සේනාංකය අලුත් අවුරුදු සමරයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය සිකුරාදා (20) දින මූලතිව්, ඔඩ්ඩුසුඩාන් 64 වන සේනාංක මුලස්ථාන ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.

නැවුම් බලාපොරොත්තු හා සුබාශිංසන එක්කරමින්, හොඳහිත, අන්නෝන්‍ය අවබෝධය, සංහිදියාව සහ සාමකාමි සහජිවනය වර්ධනය කිරිමේ අරමුණින් හා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ ආශිර්වාදයෙන් 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ උපදෙස් පරිදි 64 වන සේනාංකය විසින් මෙම ‘සුර්ය මංගල්‍යය’ අවුරුදු උත්සවය සංවිධානය කරන ලදී.

කොට්ටා පොර, කඹ ඇදිම, බනිස් කැමේ තරගය, අලියාට ඇස තැබිම ආදි බොහෝ සම්ප්‍රදායික හා විනෝදාස්වාදය ගෙන දෙන තරගවලින් සමන්විත වු ‘සුර්ය මංගල්‍යය’ අවුරුදු උත්සවය සඳහා හමුදා සාමාජිකයන් රැසක් සහභාගි වන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති සහ 64 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් තරගවලින් ජය ලැබුවන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදී. සහභාගිවුවන් සඳහා සම්ප්‍රදායික රසකැවිලි වලින් පිරුණු තේපැන් සංග්‍රහයක් ද පිරිනැමුණු අතර මෙම අවස්ථාව සඳහා 1000 කට අධික හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවකයින් එක්ව සිටින ලදී.

bridgemedia | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival