Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st October 2016 17:17:29 Hours

එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාව - ලෙබනන් රාජකාරීන් හි නියුතු භට පිරිස් සඳහා පදක්කම්

ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාවෙහි රාජකාරීන් සම්පූර්ණ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ඔවුන් සිදු කළ සේවාව සහ කැපවීම අගයකරමින් පදක්කම් ප්‍රදානය කරනු ලැබීය.

ලෙබනන් නාකෝරා හි පැවති පදක්කම් ප්‍රදානය කිරීමෙහි උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ලෙබනන් එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාවේ නියෝජ්‍ය අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් සංදීප් සිං බජාජ් වෙත එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාවෙහි පදක්කම්ලාභීන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර පිරිනමනු ලැබීය.

ලෙබනන් හි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාවෙහි 10 වන ශ්‍රී ලංකා පදක්කම් ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා යුද හමුදාපතිතුමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මේජර් ජෙනරාල් උදයන්ත විජේරත්න සහභාගි විය.

එහිදී පදක්කම් ප්‍රදානයට පෙර දින මේජර් ජෙනරාල් විජේරත්නගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස ලෙබනන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකික හමුදා සාමාජිකයින්ගේ උපකරණ, පහසුකම් සහ අනෙකුත් කටයුතු පිළිබඳව සොයා බලනු ලැබීය.

අනතුරුව මේජර් ජෙනරාල් විජේරත්න එහි ප්‍රධාන මෙහෙයුම් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් මිෂෙල් බියෙරි හමු වූ අතර, සුහද පිළසඳරක නිරත වෙමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී.

එක්සත් ජාතීන්ගේ පදක්කම් අන්තර් ජාතික පිළිගැනීමක් වන අතර, එය පිරිනමනු ලබන්නේ ලොව පුරා පිහිටි තෝරාගත් රටවල්වල මානුෂීය මෙහෙයුම් සඳහා අන්තර්වාර හමුදා රාජකාරී වෙනුවෙන් සහභාගිවන භට පිරිස් වෙත වේ.

මෙම උත්සවයේ දී නිලධාරීන් දස දෙනෙකු සහ සෙසු නිලයින් 140 දෙනෙකු හට පදක්කම් පිරිනැමූ අතර, බ්‍රිගේඩියර් ජෙනරාල් සංදීප් සිං විසින් ශ්‍රී ලංකා භට පිරිස් දින 90 ක් පුරා සිදු කළ වටිනා රාජකාරීන් පිළිබඳව අගය කිරීමක් ද සිදු කරන ලදී. එමෙන්ම ඉදිරියේ දි එම රාජකාරීන් සඳහා නව ශ්‍රී ලාංකීය භට පිරිස් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතය.

Sports News | Jordan Shoes Sale UK