20th November 2023 20:33:05 Hours
හවායි හි ෆෝට් ෂාෆ්ටර් හි එක්සත් ජනපද පැසිෆික් විධානයෙහි අණදෙන (USARPAC) උපාය මාර්ග සහ සැලසුම් නියෝජ්‍ය අණදෙන ජෙනරාල් - මේජර් ජෙනරල් ක්‍රිස් ස්මිත් (Major General Chris Smith), කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී. නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson ), මේජර් බෙන්ජමින් ෆ්ලෝර් (Major Benjamin Flores) මේජර් ඕමාර් කැවාලියර් (Major Omar Cavalier) සහ කපිතන් කැට්ලින් පෙනිකුක් (Captain Caitlin Pennicooke) පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී වැඩබලන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
පැවති සුහද හමුව අතරතුරදී, ආසියානු පැසිෆික් කලාපයේ වත්මන් ආරක්‍ෂක ගැටළු, ද්විපාර්ශ්වික පුහුණු අවස්ථා පුළුල් කිරීම සහ පොදු කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර, සුහද හමුව අවසානයේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, අධ්‍යක්‍ෂ පුහුණු බ්‍රිගේඩියර් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී, අධ්‍යක්‍ෂ තත්ත්ව ආරක්‍ෂණ හා පිරික්සුම් බ්‍රිගේඩියර් එම්.සී.එස්.කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූහ.