Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2023 21:24:01 Hours

උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් දොඹගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින පැවැත්විණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මේජර් ජෙනරල් ඊ.එම්. එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ අනතුරුව භටපිරිස් අමතා සමූහ ඡායාරූප කිහිපයක් සඳහාද එක් වූහ.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.