Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th March 2020 13:10:40 Hours

උසස්වීම් ලැබීමට නියමිත කපිතාන්වරුන්ට දේශනයක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත කපිතාන් නිලයේ සිට මේජර් නිලය දක්වා උසස්වීම් ලැබීමට නියමිත නිලධාරීන් සඳහා ‘කාලීන සිදුවීම්’ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ අනුව ඉදිරි කාලසීමාව තුළ පැවැත්වීමට නියමිත උසස්වීම් විභාගයේ විෂය මාලාව කෙරෙහි අවධානය යොමු කරන අතරම වර්තමාන මාතෘකා, දේශපාලන වර්ධනයන්, පාරිසරික ගැටළු යනාදිය පිළිබඳ පුළුල් දැනුමක් එම නිලධාරීන් වෙත ලබාදීම මෙම වැඩමුළුවේ මුලික අරමුණක් විය.

මෙම වැඩමුළුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී I (මෙහෙයුම්) සහ 662 වන බලසේනාවේ බලසේනා මේජර් විසින් මෙහෙයවන ලදී.  මෙම වැඩමුළුවට කපිතාන් සිට මේජර් දක්වා උසස්වීම් විභාගය සඳහා පෙනී සිටීමට නියමිත නිලධාරීන් 22 දෙනෙකු සහභාගී වූහ. Running Sneakers Store | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos