Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th November 2016 22:07:52 Hours

ඉන්දුනීසියානු නියෝජිතයින් යාපනය ආඥාපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දුනීසියානු ජනරජයේ තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ත්‍රැන්මිකේ මහත්මිය සහ තවත් නියොජිතයින් තිදෙනෙක් උතුරු පලාතේ සංචාරයක නිරත වූ අතර, සිකුරාදා (25) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහිදි යාපනය ආඥාපති විසින් මෙම සංචාරක නියෝජිත පිරිස පිළිගත් අතර, පශ්චාත් යුද සමයේ සංවර්ධනය සහ යාපනය අර්ධද්වීපයේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කරන ලදි.

තවද, යුද හමුදාවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති පිළිබඳවත්, සංහිඳියාවේ යාන්ත්‍රණය පිළිබඳවත් මෙන්ම යාපනය ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිම සඳහා ගෙනඇති ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදි දැනුවත් කළහ.

මෙම සුහඳ හමුව අවසානයේ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ත්‍රැන්මිකේ මහත්මිය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිනි. තවද, ත්‍රැන්මිකේ මහත්මිය විසින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

Running sneakers | adidas Yeezy Boost 700 , Ietp