Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2019 20:23:15 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් අශෝක් කෝටේශ්වර රාඕ (Captain Ashok Koteswara Rao) බ්‍රහස්පතින්දා (5) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රාජකාරී භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයට කැඳවූ පළමු විදේශ නියෝජිතයා ද කපිතාන් අශෝක් කෝටේශ්වර රාඕ විය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවති මෙම සුහද හමුව අතරතුරදී, දෙරට අතර ද්විපාර්ශ්වික හමුදා සබඳතා කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දෙරටේ හමුදාවන් අතර අන්‍යෝන්‍ය පුහුණු වැඩසටහන් සහ ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයන් සිදුකිරීම මෙන්ම පවතින සම්බන්ධතාවයන් තවදුරටත් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. තවද, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධනය සහ සංවිධානය වැඩිදියුණු කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති සැලසුම් පිළිබඳව ද ඔවුන්ව දැනුවත් කළේය.

මෙම සුහද හමුව අවසානයේ, දෙරට අතර පවතින අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කරමින් සංක්තාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් රවී ශේකර් මිශ්‍රා (Lieutenant Colonel Ravi Shekar Mishra) ද සහභාගී විය.Nike footwear | Sneakers