Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th July 2017 15:25:49 Hours

ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ අද (18) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේ දී ද්විපාර්ශ්වික වැදගත් කරුණු හා දෙරටේ හමුදාවන් අතර පුහුණු වැඩසටහන්, හැකියාවන් වර්ධනය කිරීමේ ආකෘතින් පිළිබඳව මෙන්ම දෙරට අතර ඓතිහාසික සම්බන්ධතා පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.

මෙම හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමා සහ ආරක්ෂ උපදේශක අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ජී.එස් ක්ලේයාර් සහ යුද සේවා සහකාර කර්නල් උදය කුමාර ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Nike Off-White