Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2019 17:03:36 Hours

ඉන්දියාවේ ආරක්‍ෂක විශ්ලේෂක විශ්‍රාමික මේජර් ජෙනරාල්, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2019’ සැසිවාරය සඳහා සහභාගී වූ කලාපීය ආරක්‍ෂක සහ ආරක්‍ෂක ගැටළු පිළිබඳ විශේෂඥයෙකු මෙන්ම දකුණු ආසියානු ආරක්‍ෂක කටයුතු පිළිබඳ උපදේශකයෙකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අශෝක් කේ. මේතා (Major General (Retd) Ashok K. Mehta) ඉකුත් බ්‍රහස්පතින්දා (29) දින සම්මන්ත්‍රණය අතරතුර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අතර එහිදී, ආරක්‍ෂක අවශ්‍යතා පිළිබඳ සිය අදහස් හුවමාරු කරගත්හ.

පසුගිය වසර කිහිපය තුළ ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණ’ සැසිවාරයට අඛණ්ඩව සහභාගී වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අශෝක් කේ. මේතා, ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක සැලසුම් කාර්ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු වන අතර වර්ෂ 1988 - 1990 කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාමසාධක හමුදාවේ සේනාංකාධිපති ද විය.

මෙම සුහද හමුව අතරතුරදී, පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව අත්විඳින ලද අත්දැකීම් වලට සමානව කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම සහ සාමූහිකව ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණදීමේ අවශ්‍යතාව ඉන්දීය හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් අවධාරණය කළේය. ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය’ හා එහි තේමාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාව විසින් කරන ලද විශිෂ්ට විධිවිධාන පිළිබඳව එතුමන්ගේ දැඩි ප්‍රසාදයට ලක්විය.

මෙම සුහද හමුව අවසානයේ, ඉන්දියාවේ ගුවන්විදුලි සහ රූපවාහිනී විචාරකයෙකු ලෙසත් ඉන්දියානු ආරක්‍ෂක සමාලෝචන සඟරාවේ උපදේශක සංස්කාරකවරයෙකු ලෙසත් තවමත් සේවය කරන එතුමන්ට, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. Running Sneakers Store | Women's Nike Superrep