Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th August 2019 23:45:54 Hours

ඉංජිනේරු සේවා බළකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ඉංජිනේරු සේවා බළකායේ නව කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ආර්. ගනේගොඩ ඉකුත් සෙනසුරාදා (10) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදි.

ඉංජිනේරු සේවා බළකා මුලස්ථානය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන්ව, ඉංජිනේරු සේවා බළකා මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.එම්.එස් කුමාර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායක, මවුබිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකරන ලදී. එමෙන්ම, වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී.

බ්‍රිගේඩියර් ආර්.ගනේගොඩ යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතු අතර සියලු නිළ දිවා භෝජන සංග්‍රසයකට ද සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී වුහ. Running sports | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite