Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2020 22:35:26 Hours

ඉංජිනේරු සේවා බලකාය සිය 70 වන සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි

යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුව සිය 70 වන සංවත්සරය පනාගොඩ පිහිටි ඉංජංනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය 10 සහ 11 යන දිනයන් තුළ දී හමුදා සම්ප්‍රදායානූකූල විචිත්‍රවත් වැඩසටහන් රාශියක් සමගින් පවත්වනු ලැබීය.

ඉකුත් සිකුරාදා (10) දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්. ගනේගොඩ ගේ පැමිණිමත් සමඟ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී කර්නල් කේ.එම්.එස්. කුමාර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානූකූල කදවුරු සම්මාන මුරයක් පිළිගන්වනු ලැබීය.

පසුව, කර්නල් සේනාවිධායකතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

ඉන් අනතුරුව සේනාවිධායකතුමන් සියලු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. අනතුරුව සන්ධ්‍යවේ පැවති සංගීත ප්‍රශංගය හා ඊට මුසුවූ සංස්කෘතික නර්තන අංගයන්ගෙන් සංවත්සර සැමරුම වර්ණවත් කළේය. අවසන් වශයෙන් කර්නල් සේනාවිධායකතුමන් සංවත්සර දිනය වෙනුවෙන් මෑතකදී පැවති තරඟයන්හී ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය සිදු කළහ.

තවද, එහිදි කර්නල් සේනාවිධායකතුමන් සියළු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් එම අවස්ථාවට එක්වූ භටපිරිස් සමඟ කෙටි පිළිසඳරක ද නිරත වූහ.

සෙනසුරාදා (11) දින සන්ධ්‍යාවේ පැවැත්වූ සංගීත ප්‍රශංගය සහ ලොතරැයි දිනුම් ඇදීමෙන් අනතුරුව සංවත්සර දින වැඩසටහන් අවසන් විය.

70 වන සංවත්සර දින සැමරුම් උත්සව අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සිය ගණනක යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගී වූහ. jordan Sneakers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ