Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th December 2023 07:17:48 Hours

ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායකතුමන් 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

යුද්ධ හමුදා මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) දින 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තු මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරමින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, කර්නල් සේනාවිධායකතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ සේවයේ ඇගයිමට ලක් කරමින් හා ඉංජිනේරු සේවා බලකායේ රාජකාරී ස්වභාවය පිළිබඳව අවධාරණය කරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිට එතුමන් භටපිරිස් සමඟින් තේ පැන් සංග්‍රහයකට සහභාගී විය. උත්සව අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වූහ.