Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2024 19:05:31 Hours

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී පසුගිය සඳුදා (ජනවාරි මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගන්නා ලදී.

මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් එතුමන් ධූරයේ රාජකාරීන් භාරගත්තේය. බ්‍රිගේඩියර් වයි.කේ.එස් රංගික පීඑස්සී පීටීඑස්සී මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක පුහුණු පාසලේ සේනාවිධායක ධූරය හෙබවීය.

උත්සව අවස්ථාවට ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.