30th January 2024 19:26:30 Hours
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී මත්තේගොඩ, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුව වෙත සිය පළමු නිල සංචාරය පසුගිය සඳුදා (ජනවාරි මස 22) දින සිදු කරන ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන්, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව ඒකකයේ කාර්යභාරය සහ වගකීම්, ආයතනික ව්‍යුහය, පුහුණු වැඩසටහන්, භටපිරිස්, පරිපාලනය සහ භඨකාර්ය සම්පාදනය වැනි කරුණු පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී.
ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එහිදී සියලු භටපිරිස් අමතමින් වර්ථමානයේ යුද්ධ හමුදාවේ විශේෂ ඒකකයක් වශයෙන් තම ඒකකයේ වැදගත්කම ඉහළ නැංවීම සඳහා ඉංජිනේරු බලකා සාමාජිකයෙකු ලෙස සිදුකල යුතු යුතුකම් සහ වගකීම් පිළිබඳව අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.