Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2017 15:16:02 Hours

ඉංජිනේරු රෙජිමේන්තුවේන් බිහිවු 8 වන මාණ්ඩලික ප්‍රධානි හට එම රෙජිමේන්තුවේ උපහාර

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනිමෙන් පසුව පළමුව තම මව් රෙජිමේන්තුව වන පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයෙහි අඟහරුවාදා (04) දින සංචාරය කළ අතර, එම රෙජිමේන්තු භට පිරිස් හමුදා සම්ප්‍රදානුකුලව ඉතා උණුසුම් අයුරින් එතුමන් පිළිගනු ලැබීය.

රෙජිමේන්තු මුලස්ථානය වෙත පැමිණි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත හේරත් විසින් පිළිගත් අතර, අනතුරුව භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි.

එමෙන්ම, නව මාණ්ඩලික ප්‍රධානි විසින් ඉංජිනේරු රෙජිමේන්තුවේ රණවිරුවන් ජිවිත පරිත්‍යාගයෙන් සිදු කල අනුපමය සේවය සිහිකරමින් එම මුලස්ථාන පරිශ්‍රයේ ඉදිකර ඇති රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කළහ.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි.

ඉන්පසු නව මාණ්ඩලික ප්‍රධානි සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගි වු අතර, මෙම උත්සවය සඳහා එම රෙජිමේන්තු නිලධාරින්, සියලුම රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ සෙසුනිලයන් රැසක් ද එක්ව සිටියහ.

best shoes | NIKE HOMME