Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th March 2016 15:24:03 Hours

ඉංජිනේරු පාසලේ සංවිධානයෙන් තුංකම දී අක්ෂි සායනයක්

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්වීම අනූව 58 වන සේනාංකයහි 583 බලසේනාව යටතේ ඇති ඇඹිලිපිටිය යුද හමුදා ඉංජිනේරු පාසලේ භට පිරිස් විසින් තුංකම ප්‍රදේශයේ අක්ෂි රෝගීන් වෙනුවෙන් අක්ෂි සායනයක් ශ්‍රී ගුණානන්දාරාමයේ දී සඳුදා (21) දින පවත්වනු ලැබීය. එහිදී 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන සහ 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධීක්ෂණය යටතේ අක්ෂි ශල්‍ය වෛද්‍ය නිමල් වීරකෝන් මහතා සහ මහනුවර ඔප්ටිකල් (පුද්) ආයතනය සමග එක්ව අක්ෂි රෝගීන් 259 දෙනෙක් සඳහා රු: 233100.00 ක් වටිනා උපැස් යුවල ප්‍ර‍දානය කෙරනි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ගුණානන්දාරාම විහාරාධිපති පූජ්‍ය හබරකඩ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියහ.Buy Kicks | Nike