Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2017 22:29:44 Hours

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වයේ වාර්ෂික MCIP වැඩමුළුව අවසන්වේ

ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වය (USPACOM) එක්ව සංවිධානය කරන ලැබු ‘Multinational Communication Interoperability Programme’ (MCIP), 3 වන වැඩමුළුව සිකුරාදා (02) දින සන්ධ්‍යාවේ කොළඹ හිල්ටන් හොටලයේ දී අවසන් විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ පුර්ණ අනුමැතිය මත පැවති මෙම වැඩමුළුවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සහභගි වු අතර, දින 5 ක් පුරා පැවති මෙම වැඩමුළුව සඳහා රටවල් 17 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා නිලධාරින් 39 දෙනෙකු ඇතුළු නියෝජිතයින් 50 දෙනෙකු සහභාගි වුහ.

buy footwear | adidas garwen spezial white shoes - New In Shoes for Men