Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2017 15:00:28 Hours

ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය - 2017 සඳහා යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

පසුගිය දා දියගම පැවති ජාතික මලල ක්‍රීඩා තේරිම් තරඟාවලියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වු දක්ෂතාවයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (AASL) විසින් මෙම තේරීම් කටයුතු සිදු කරන ලදි.

එහිදි දෙවන ලුතිනන් ආර්.පී.බි.අයි. දයාරත්න හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වෙන් මීටර් 82.19 ක දක්ෂතාවක් දක්වමින් ලෝක ශ්‍රේණීගත කිරිම්වලට අනුව (IAAF) 9 වන ස්ථානය හිමිකර ගත් අතර, කාන්තා සෙබල යූ.කේ.එන්. රත්නායක තත්පර 10.03.94 ක් වාර්තා කරමින් මීටර් 3000 කාන්තා බාධක දිවිමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත්වන ලදි. එමෙන්ම, කාන්තා සෙබල එච්.ඩි.වි. ලක්ෂාණි තුම්පිම්ම පැනීමේ කාන්තා ඉසව්වෙන් මීටර් 13.64 ක දක්ෂතාවයක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට සමත් වූ අතර, කෝප්‍රල් එච්.එම්. දිලිප් රුවන් මීටර් 400 පිරිමි ඉසව්වෙන් තත්පර 46.46 ක් වාර්තා කරමින් එහි ප්‍රථම ස්ථානය හිමි කරගනු ලැබීය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සෑම වසර දෙකකට වරක්ම ආසියානු මලල ක්‍රිඩා සංගමය විසින් සංවිධානය කරනු ලබයි.

Authentic Nike Sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov