Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2019 11:30:50 Hours

ආරුගම්බේ හිදී පැවැති ‘නැඟීසිටිමු ශ්‍රී ලංකා’ මැරතන් ධාවන තරඟයේදී යුද්ධ හමුදා සාමාජිකයින් සම්මාන දිනාගනී

හමුදා සහ සිවිල් සංවිධානයන්හී සහයෝගය ඇතිව ආරුගම්බේ සංවර්ධන පර්ෂදය විසින් ‘නැඟීසිටිමු ශ්‍රී ලංකා’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලැබූ ආරුගම්බේ ‘අර්ධ මැරතන්’ ධාවන තරඟය ඉකුත් සිකුරාදා (16) දින ආරුගම්බේ සංචාරක නිකේතනයේදී ආරම්භ විය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 242 වන බලසේනාවේ භටපිරිස් මෙම වැඩසටහනෙහි සංවිධායකයින් සමඟ එක්ව කිලෝමීටර් 10 ක පමණ දුරක් පැවැති මෙම මැරතන් ධාවන තරඟය සඳහා වයස අවුරුදු 17 – 45 අතර යුද්ධ හමුදා සාමාජිකයින්ට සහභාගීවීමට අවශ්‍ය පහසුකම් සලසා තිබූ අතර ආරුගම්බේ සංවර්ධන පර්ෂදයේ සභාපති එම්.එස්.එම්. වසිත් මහතාගේ ඉල්ලීම පරිදී වසය අවුරුදු 45 ට වැඩි සාමාජිකයින් සඳහා ද මැරතන් ධාවන තරඟයට සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබුණී.

වයස අවුරුදු 17 – 45 අතර කිලෝමීටර් 10 මැරතන් ධාවන ඉසව්වෙහි ප්‍රථම ස්ථානය 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල කේ.ඒ.වී.ඩී. කාරියවසම් හිමි කරගත් අතර දෙවන ස්ථානය 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී.ඩබ්ලිව්.ඒ. දොඩන්වත්ත මෙන්ම තෙවන ස්ථානය 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සාමාන්‍ය සෙබල ආර්.එම්.වී. රත්නායක හිමිකරගනු ලැබීය.

එසේම, වයස අවුරුදු 17 – 42 අතර කිලෝමීටර් 21 මැරතන් ධාවන ඉසව්වෙහි ප්‍රථම ස්ථානය 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල කේ.එන්. මදුරංග හිමි කරගැනීමට සමත් වූ අතර දෙවන ස්ථානය 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.ඒ. බණ්ඩාරට හිමි විය.

මේ අතර, වයස අවුරුදු 45 ට වැඩි මැරතන් ධාවන ඉසව්වෙහි තෙවන ස්ථානය 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවෙහි අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.එස්.සී. දිසානායක විසින් හිමිකර ගැනීමට සමත්විය.

මෙම ව්‍යාපෘතිය සඳහා ආරුගම්බේ සංවර්ධන පර්ෂදයේ සභාපති එම්.එස්.එම්. වසිත් මහතා, 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දමිත රණසිංහ, ‘ඇප්‍රෝටා විලාස්’ (Aprota Villas) හී අධ්‍යක්‍ෂ ප්‍රසාද් ලියනආරච්චි, ආරුගම්බේ සංවර්ධන පර්ෂදයේ ලේකම් එස්.ටී. ජහුෆාර් මහතා ඇතුළු එම පර්ෂදයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙන්ම සංචාරක හෝටල් කිහිපයක අධ්‍යක්‍ෂවරුන් පිරිසක් ද සහභාගී විය. Nike sneakers | Nike Off-White