17th November 2023 06:13:13 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 300 ක් වෙත පොල් පැළ 3000 ක් පමණ බෙදාදීමේ වැඩසටහනක් 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය සඳුදා (නොවැම්බර් මස 13) දින පැවැත්විණි.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ ආරාධනයකට අනුව හලාවත වැවිලි පුද්ගලික සමාගමේ පරිත්‍යාගශීලීත්වය හා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඒස්පී එන්ඩීසී සහ 221 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ. පීරිස් ආර්එස්පී ගේ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබිණි.
අදාළ ග්‍රාම නිලධාරීන් සමඟ සාකච්ඡා කර ආර්ථික දුෂ්කරතාවයන් සහිත පවුල් සහ ඔවුන් වෙත පොල් පැළ වගාකිරීම සඳහා භූමි ප්‍රමාණයන් තිබේද යන්න සොයාබැලීමෙන් අනතුරුව මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 221, 222 සහ 223 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 221 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 20 ගජබා රෙජිමේන්තුවේ සහ 2 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී පොල් පැළ බෙදාදීම සිදුකරනු ලැබූහ.