Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2020 08:00:03 Hours

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් මුලතිව් සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හී සංචාරයක

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 14 යටතේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන බංගලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පාකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය සහ සුඩානය යන රටවල විදේශීය හමුදා ශිෂ්‍ය නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සිය පවුල්වල සාමාජිකයන් ඉකුත් ඉරිදා (31) දින කිලිනොච්චිය සහ මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන්හී සංචාරයක නිරත වූහ.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි ශිෂ්‍ය නිලධාරින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ වෙනුවෙන් 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්. පී. සී. බී ජයශාන්ත විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. එම සංචාරය අවසන් කර නැවත පැමිණෙමින් සිටි විදේශීය හමුදා ශිෂ්‍ය නිලධාරීන් පිරිස අලිමංකඩ ගාමිණි කුලරත්න වීරෝදාර රණවිරුවාගේ ස්මාරකයට ගෞරව දැක්වීමට ද අමතක නොකළහ. එහිදි ශිෂ්‍ය නිලධාරින් වෙත 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී මේජර් ටී. කේ. ඊ මඩවල විසින් ගාමිණි කුලරත්න විරුවා හා සම්බන්ධ අතීත සිදුවීම් යළි ආවර්ජනය කරමින් කෙටි දේශණයක් ද සිදු කළේය.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි ශිෂ්‍ය නිලධාරින් පිරිස මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක වෙනුවෙන් 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි රාජපක්‍ෂ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. එහිදි ශිෂ්‍ය නිලධාරින් පිරිස මා දැල් ආධාරයෙන් මත්ස්‍යයින් ඇල්ලීමේ දසුනක් දැක බලාගැනීම සඳහා ද එක්වූහ. අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදු කරන ලද මානූෂීය මෙහෙයුම් පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරිමකින් අනතුරුව මෙම වැඩසටහන නිමාවට පත්විය. Asics shoes | Nike Shoes, Sneakers & Accessories