Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd January 2024 18:17:14 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, 2024 නව වසරේ වැඩ කටයුතු අරඹයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස් විසින් නව වසරේ ප්‍රථම වැඩ කරන දිනය සනිටුහන් කරමින් පසුගිය සඳුදා (ජනවාරි මස 01) දින රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීතය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.

නව වසරේ ප්‍රථම වැඩකරන දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පරිශ්‍රයේ සියලු නිල තේ සංග්‍රහයක්ද පැවැත්වීය.