22nd November 2023 23:04:59 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ සිංහල සහ දමිළ සිසු සිසුවියන් වෙනුවෙන් සිංහල සහ දමිළ භාෂා ඉගැන්වීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් වශයෙන් නෙළුම්වැව මහා විද්‍යාලය සහ සිංහපුර මහා විද්‍යාලයේ සිංහල සිසු සිසුවියන් 200 ක් සඳහා දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 21) දින ආරම්භ කරනු ලැබීය.
පාඨමාලාවේ සමාරම්භක උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී විය. මෙම දමිළ භාෂා පුහුණු පාඨමාලාව වසරක කාලසීමාවක් පුරාවට පැවැත්වේ.
උත්සව අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රැස්ව සිටි සිසු සිසුවියන් ආමන්ත්‍රණය කරමින් විවිධ භාෂාවන් හැදෑරීමේ වැදගත්කම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සඳහා ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කළ අතර මෙම පාඨමාලාව තුලින් ද්විභාෂා හැකියාව වර්ධනය කර ගන්නා ලෙස සිසුන් දිරිමත් කළේය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් දමිළ සිසු සිසුවියන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ මෙවැනිම වැඩසටහනක් මීට ප්‍රථම මඩකලපුව ප්‍රදේශයේ පිහිටි ඔඩ්ඩමාවඩි ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
දමිළ භාෂා දැනුම ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව මෙම දමිළ භාෂා පුහුණු පාඨමාලාවේ උපදේශක වශයෙන් සිංහපුර මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති නන්දසේන මහතා කටයුතු කරනු ලබයි. සති අන්තයේදී පැවැත්වෙන මෙම පාඨමාලාව ප්‍රදේශවාසීන් සහ පරිත්‍යාගශීලීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැත්වේ.
උත්සවයේ සමාරම්භක අවස්ථාවට දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන්, ගුරු භවතුන්, එම පාසල්හි සිසු සිසුවියන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.
උත්සවය අතරතුර සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වූහ.
මෙම උත්සවයේ සංවිධාන කටයුතු 23 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 233 පාබල බලසේනාව සහ 9 කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් සිදුකරනු ලැබීය.