Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2023 20:51:12 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - දියතලාව සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ පාසලක් වෙත මුල්‍යමය පරිත්‍යාගක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘Anchor Fontera Pvt Ltd’ හි මුල්‍ය අනුග්‍රාහකත්වය ඇතිව කදුරුගමුව, මිහිඳු විද්‍යාලයේ පරිගණකය සහ ඡායා පිටපත් යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා 40,000/- ක මුදලක් පසුගිය බදාදා (නොවැම්බර් මස 08) දින පරිත්‍යාගය කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වයි.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත පාසලේ එම අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් සිදුකරනු ලැබූ ආරාධනාවකට අනුව මිහිඳු විද්‍යාලයේ විදුහල්පතිතුමන් පසුගිය බදාදා (නොවැම්බර් මස 08) දින එම මූලස්ථානයට පැමිණි අතර, එහිදී එම මුදල් පරිත්‍යාගය කරනු ලැබීය.