19th December 2023 00:37:21 Hours
උතුරු ප්‍රදේශයේ ආරම්භ කර ඇති පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් 21 පාබල සේනාංකයේ 213 පාබල බලසේනාව යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් වවුනියාව ප්‍රදේශයේ ජීවත්වන පවුල් සඳහා පොල් පැළ 1000 බෙදාදීමේ වැඩසටහනක් නොවැම්බර් මස 29 සහ දෙසැම්බර් මස 04 යන දිනයන්හිදී ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙරට දෙවන පොල් ත්‍රිකෝණය උතුරු ප්‍රදේශයේ ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය යටතේ පොල් වගාව ඉහළ නැංවීමේ අරමුණින් වන්නි, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය ප්‍රදේශවල භටපිරිස් විසින් මෙම ව්‍යපෘතියට දායකත්වය දක්වනු ලබයි.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ලබාදුන් පොල් පැළ 2(ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 2(ස්වේච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් බෙදාදෙන ලදී.