22nd January 2024 20:10:04 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සිය බලප්‍රදේශයේ ස්ථාපිත 59, 64, 68 පාබල සේනාංක, බලසේනා, ඒකකයන් සහ ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් වෙත ජනවාරි මස 16 සහ 17 දිනයන්හිදී සිය ප්‍රථම නිල සංචාරයන් සිදුකරන ලදී.
එම සංචාරයන්හිදී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් පිළිගනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, එම සංචාරයන්හිදී පැළ රෝපනය කර සමූහ ඡායාරූප සඳහා පෙනීසිටී අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් වෙත සිය බලප්‍රදේශයේ වගකීම් සහ ඔවුන් සතු කාර්යභාරයන් පිළිබඳව දැනුවත් කරනු ලැබූහ. එම අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.