Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2024 16:20:28 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, අභිමංසල I සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් නව වසර උදාව සනිටුහන් කිරීම වෙනුවෙන් අනුරාධපුර, අභිමංසල I සුවතා නිකේතනයේ රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රථිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 02) දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

සුවතා නිකේන පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ඇතුලු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිස භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමෙන් අනතුරුව, නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවෙකු විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම සංචාරයේදී ජ්‍යේෂ්ඨ නිලධාරීන් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමින් අවුරුදු ත්‍යාග බෙදා දෙන ලදී.

එතුමන් සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම, අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් තැබීය.