30th November 2023 20:07:14 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී, මඩකලපුවේ අඟරදගුරු ජෝසප් පොන්නයියා පියතුමා මඩකලපුව බිෂොප් මන්දිරයේදී පසුගිය බදාදා (නොවැම්බර් මස 30) දින හමුවිය .
අඟරදගුරුතුමන් සමඟ පැවති සුහඳ හමුවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, මඩකලපුව දිස්ත්‍රික්කයේ සිවිල්-හමුදා සම්බන්ධීකරණය සහ ප්‍රදේශයේ සියලු ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ නත්තල් උත්සවය සැමරීම සඳහා සූදානම්වීම පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.
සුහඳ හමුව අවසානයේදී අඟරදගුරුතුමන්, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ආශිර්වාද එක් කරමින් ඉදිරි කටයුතු වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමීය.
මෙම අවස්ථාවට 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ. එම්. සී. එස් කුමාරසිංහ, ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර කර්නල් සම්බන්ධීකරන නිලධාරි කර්නල් ටී. එච්. එම්. ඩී. ආර්. එම් පීරිස් ආර්එස්පී පීඑස්සී සහ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරන නිලධාරි කර්නල් එච්. එච්. පී. සී හල්පගේ සහ ඡ්‍යෙෂ්ඨ නිලධාරින් කීහිපදෙනෙකුද සහභාගි විය.